2. හෙලිකොප්ටරයක් පැදවීම -how to drive helicopter
අහසේ පියාසර කරමින් නැවතී සිටීම හෝ නැවතී සිටි තැනින් තමා කැමති දිශාවකට ගමන් කිරීමට නියමුවාගේ සම්පුර්ණ පාලනයෙන් තොරව ස්වයං පියාසර දිශාව වෙනස් කිරීම චමත්කාර දනවන්නකි...මෙය වෙනත් කිසිදු පියාසර කිරීමකට වඩා අතිශය ප්‍රිය දසුනයි....ගුවන් මගියාගේ පැත්තෙන් බලන විට යානය ඉහල නැංවීමකදි හා යානය බැවුම් කරන අවස්ථාව මද වේගය මගියාට ආරක්ෂාකාරී වේ... තවද ඔහුට හුරු පුරුදු ලෝකයට මගී කුටියේ සිට දැන ගැනීමට හැකිවීමද අපූරුය...විශේෂයෙන්ම කුඩා ප්‍රමාණයේ හෙලිකොප්ටර යනාවලදි මෙම දසුන වඩාත් සුන්දරව නැරබිය හැක.
2.1හෙලිකොප්ටරයක් පැදවීම පහසු කාර්යක් වේද?
මෙම ප්‍රශ්ණයට එක එල්ලේ පිලිතුරක් දිය නොහැක..මූලික වශයෙන් ශිෂ්‍ය්ය නියමුවෙකුට ආරම්භයේදී විශාල ගුවන් යානා පැදවීමට අපහසු කාර්යක් ලෙස හැදින්වීමට පුලුවනි.. නමුත් පුහුනුව අවසානයේ එය ඉතාම පහසු කාර්යයක් බව වැටහෙනවා නොඅනුමානය,ඊට ප්‍රධාන හේතුව වන්නේ අහසට නැංවීමේදී සහ ගොඩ බැස්සවීමේදී භාවිතාවන සරල තාක්ශණය සහ නියමුකුටියේ සිට වටපිටාව පිලිබද පැහැදිලිව හදුනාගත හැකිවීමයි..
අනෙක් කාරනය නම් හෙලිකොප්ටරයක අනෙක් ගුවන් යානාවලට ස්ථාවරභාවය අඩු නිසා අනෙක් පියාපත් සහිත ගුවන් යානා පියාසර නියමුවන්ට වඩා වැඩි චලන පාලනයක් සිදුකල යුතු වේ.
2.2 භ්‍රමක කම්පනය
භ්‍රමක කම්පනය යනු හෙලිකොප්ටරයක් පැදවීමට අපහසුතාවයට ප්‍රදාන හේතුව වන්නේ භ්‍රමකයට යටින් ලම්බකව එහා මෙහා පැද්දෙන යානයේ බදෙහි ස්ථාවර බව සහ පාලන සම්බන්ධීකරණය ක්ෂණිකව සිදු කල යුතුබව යන කාරණා දෙකය...
නවීන හෙලිකොප්ටර යානාවල වැඩිදියුණුකල භ්‍රමක කම්පනයේ ස්ථාවර ගතිය සහ වඩාත් සංවේදී පාලන ක්‍රම සහ ස්වයංක්‍රීයව ක්‍රියාත්මකවන භ්‍රමක වේග පාලනය ආදිය පැරණි හෙලිකොප්ටර යානා පැදවීමට වඩා පහසු කරවයි.. කෙසේවෙතත් පලපුරුද්ද තුලින් පාලන සම්බන්ධීකරණය නියමුවාගේ දක්ෂතාවයක් ලෙස පවතී…
Harrah's New Orleans Hotel & Casino - MapyRO
ReplyDeleteGet directions, reviews and information for Harrah's New 김해 출장샵 Orleans Hotel 김포 출장안마 & Casino in New Orleans, LA. 의정부 출장마사지 Harrah's New 아산 출장마사지 Orleans Hotel & Casino, 제주도 출장샵 Atlantic City,