ආයුබෝවන් සුබ දවසක් යාලුවනේ......
මගේ motivation බ්ලොග් සටහන කියවන්න ඇති කියලා හිතනවා..... අද මම තෝරගත්තේ ලංකාවේ වේගයෙන් ජනප්‍රිය වන මාතෘකාවක්.... ටිකකට ardiuno පැත්තකින් තියන්න, අද කියන්න යන්නේ ඊට සමාන තවත් platform එකක් ගැනයි........කතා ඔන් නෑ යමුද අද සටහනට......
මොකක්ද මේ MICRO-BIT කියන්නේ?
Ardiuno වලින් පොඩ්ඩක් එහාට ගියහම අපිට ඊලඟට හම්බෙන platform එක තමයි micro-bit කියන්නේ..... 2015 වසරෙදි BBC සමාගම මඟින් ඉදිරිපත් කරපු මේ micro connecter platform එක, ardiuno පරිපථයට බෙහෙවින් සමාන නමුත් ardiuno පරිපථයට වඩා විශේෂිත හැකියාවලින් සමන්විත වේ.....MICRO-BIT එක කුඩා පරිගණකයක් කිව්වොත් නිවැරදියි...මීට වසර 30 පෙර BBC Micro පරිගණකය හදුන්වා දුන්නේ අනාගත ක්‍රමලේකනයන් අරමුණු කරගෙනයි... BBC සමාගම එය තව දුරටත් ඉදිරියට ගෙන යාමට micro-bit හදුන්වා දුන්නා... micro-bit sri lanka user group එක පවසන පරිදි micro පරිගණකයට වඩා 17 ගුණයක් කුඩයි , 617 ගුණයක් සැහැල්ලුයි ,නමුත් 18 ගුණයකින් වේගවත් කියලයි කියන්නේ.....
Micro-bit platform එක ardiuno වලට වඩා පහසුවෙන් පලනය කරන්න පුලුවන්...... මොකද මේක සමඟ වැඩ කිරීමට programming පිලිබඳව කුඩා දැනුමක් හොදටම ප්‍රමානවත්. programming වෙත පිවිසෙන ආධුනිකයන්ට මෙන්ම, මෙම විෂය හා සම්බන්ධ ඇලුම් කරන්නන්ට තමයි මේ BBC එකෙන් මෙය හඳුන්වා දුන්නේ..... ඔයාලත් මේ විෂයට ආදරේ කරනවා නම් මේක හොඳ මූලාරම්භයක් කියලා මම හිතනවා...... මෙහි bluetooth ස්ථාපනය නිසා controlling හරිම පහසුයි.....
මම කිව්වානේ ආර්ඩිනෝ වලට වඩා විශේෂිත හැකියාවලින් මෙය සමන්විත බව......
මෙහි accelerometer , magento ,light හා උෂ්ණත්ව සංවේදකයක් අඩංගු වෙනවා...මම කලින් සදහන් කලේ මේකේ විශේෂිත හැකියාව නම් bluetooth වලින් පාලනය කරන්න පුලුවන් කියලා... ඔව් මේකේ bluetooth low Energy Protocol එකකින් සමන්විත වෙනවා.....
පහසුවෙන්ම අනෙකුත් bluetooth ස්ථාපන උපාංග මගින් පාලනය කල හැකි වෙන්වා.... ardiuno සහ micro-bit අතර විශේෂිත වෙනස්කම නම් කේතනය සඳහා වයරයක් බාවිතා නොකර කේතනය microcontroller වෙත ලබාදීමය..... එය bluetooth හරහා කල හැක.... මෙම microcontroller ය python හා C++ coding languages ක්‍රමලේකන භාෂාවන් යොදාගෙන programming කල හැකිය.... මෙහි බර 8g යි, ප්‍රමාණය සදහන් වෙන්නේ 5cm*4cm කියලයි.......
තවද,
*පාලනය කළ හැකි බොත්තම් තුනකි.
*කුඩා LED බල්බ විසිපහක් (5*5).
*චලන අනාවරකයක්.
*digital compass.
*accelerometer.
*bluetooth low energy.
*micro -usb controller.
*two programming buttons.
මෙය ARM CORTEX 32-BIT MO cpu මඟින් බලගැන්වේ..... කේතනය පරීක්ෂා කරලා බලන්න පුලුවන් led බල්බ යොදාගෙන සිදුකරන්න පුලුවන්....
ඔයාලට තියන ලොකුම ප්‍රශ්නය මේක කොහෙන්ද මිලදී ගන්නේ කියලනේ.... තාම ලංකාවේ අපේ කට්ටිය ගාව නම් දැක්කේ නෑ මම...... ඔන්න මම නම් ගත්තා..... ඔයාට මේ ගැන වැඩි විස්තර ඔනි නම්, ඒකට උදව් කරන්න micro-bit sri lanka user group එක සූදානමින් ඉන්නවා... මේ ලින්ක් එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්....
(http://microbitslug.org)
එහෙනම් යාලුවනේ, තවත් අලුත් බ්ලොගයකින් හමුබවෙමු..... youtube channel එකටත් සියලු වැඩ සූදානම්.... මගේ ඊලඟ blog එක DOTA 2 ගේම් එක ගැන...... එහෙනම් නැවත හමුවෙමු .... මම, රජිත සාගර.....
උතුම් දළදා සමිදු පිහිටයි.......












