Thursday, December 7, 2017

3.6 අප දෙවැනි පාඩමෙන් කතාකල භ්‍රමක තැටියෙන් ඇතිවන කම්පනයෙන් මිදීමට
 කල යුතු දෑ....ඉතිරිය සහ අද පාඩම (4.0) ගමන් කරන යානය හැරවීම.

1.සාමූහික ධ්වනි තාරතාවය අඩු කිරීම
2.ගුවන් වේගය අඩු කිරීම
3.භ්‍රමැකයේ මිනිත්තුවක් තුල ඇතිවන භ්‍රමක  
  වාර ගණන වැඩිකිරීම

1.1 සාමූහික ධ්වනි තාරතාවය අඩු කිරීම

                මෙය බොහෝ අවස්ථා වලදී සිදු කරන ක්‍රියාවකි හෙලිකොප්ටර යනාවල භ්‍රමැක තැටි 
සහ වැඩිදියුණුකල වේගය ඇතිකරවන චාලක   කොටස්  වල අධික කම්පන ඇතිවේ..එවිට 
ක්‍රමයේන් අධිකව යෙදවූ බලය අඩු කරමින් එම කම්පනය අඩු කල යුතුය...
1.2 ගුවන් වේගය අඩු කිරීම


a
                         ක්ෂණිකව ගුවන් වේගය අඩු කිරීම එතරම් ආරක්ෂාකාරී නොවන අතර 
එය දැඩි කම්පනයක් ඇතිකිරීමටද ඉවහල් වේ...එබැවින් ගුවන් වේගය අඩුකිරීමද ක්‍රමක් ක්‍රමයෙන්
 කල යුතුය එනම් ලීවර දණ්ඩ ක්‍රමයෙන් ලිහිල් කිරීම කල යුතුය…

1.3 භ්‍රමැකයේ මිනිත්තුවක් තුල ඇතිවන භ්‍රමක  
වාර ගණන වැඩිකිරීම
          භ්‍රමකයේ භ්‍රමක වාර ගණ්න වැඩි කරන විට එය කම්පනයට එරෙහිව එය ක්‍රියාත්මක වේ...
එවිට විසර්ජන නලයද එයට සමගාමීව ක්‍රියාත්මක වී කම්පනය බැහැර කරනු ලබයි…


4.0.ගමන් කරන යානය හැරවීම.


                                    හෙලිකොප්ටර හැරවීමද යානා හැරවීමේ ක්‍රමයට බොහෝ දුරට සමාන වේ..
රැඩර් හැඩලය හා ලිහිල් කිරීමේ ලීවර දණ්ඩ ස්ටාර්බොඩ් විවර දෙසට  චලනය කරවා 
රැඩර් හැඩලය මගින් දිශාව පාලනය කරමින්  යානය පහතට වැටීමට ඇති ඉඩ මෙහිදී  වලකාලනු
ලබයි...
ඉන් පසුව බලය වැඩි කරමින් හරවනු ලබන්නේ ස්ටීජ්ටර්නි නම් වු තවත් ලීවර දණ්ඩක් අධාරයෙනි..


මීලග පර්ච්චේදයෙන් වැඩි දුර විස්තර බලාපොරොත්තුවන්න..
විශේෂ ස්තූතිය - University of peradeniya faculty of engineering
                           Thanks for all professors and students
                           
                           -Shilpa sayura foundation
                           -microbit club -https://goo.gl/2uHX8g
Sagara ekanayake-https://goo.gl/xFcpy6
rajithasagara1479@gmail.com

Wednesday, November 29, 2017

3.3 ගුවනේ නැවතී සිටිමින් ඉහල නැංවීම හෙවත් තත්ව මාරුව


                                 ගුවනේ  නැවතී සිට ලීවර දණ්ඩ ඉදිරියට ලිහිල් කල විට බලය ඉහල නැංවේ.එවිට භ්‍රමැක තැටි තටු ගැසීමක් වැනි ගැස්සීමකට ලක්වේ.මෙය වැලැක්වීම හෝ නිවැරදි කිරීම සිදු කල යුතුය.යානයේ වේගය වැඩිවත්ම එය එකම මට්ටමේ ගමන් කිරීමට හෝ ඉහල නැගීයාමේ ප්‍රවනතාව පාලනය කල යුතුය.


                                      උපරිම ගුවන් වේගය ලබාගෙන ඉහල යන විට නැවත ලීවර දණ්ඩ ආපසු දෙසට ලිහිල් කීරීමෙන් එම වේගය පාලනය කල යුතුවේ. සමහර හෙලිකොප්ටර යනාවල උපරිම ඉහල නැංවීමේ බලය මූලික ගුවන් අරම්භය නොහොත් මූලික ඉහල නැංවීම සදහාද භාවිතා කෙරේ....


3.4 අඛණ්ඩව ඉහල නැංවීම


                                 අඛණ්ඩව ඉහල නැංවීමකදී ඉදිරියට හා පසුපසට ලීවරය චලනය කරමින් ගුවන් වේගය පාලනය කරගනු ලබයි..පාර්ශවික චලනය ලීවරය පැත්තට  විස්තාපනය කරවමින් පාලනය  කරයි, මේ සමගම ක්ලෙක්ටිව් පිච් ලිවරයේ (රූපය 41,42) භාවිතයෙන් යානය ඉහල නැංවීමේ වේගය පාලනය කරයි.


ගුවනේ සිට ආරම්භවන ඝජුවම ඉහල නැංවීම  හා ඉදිරියට ගමන් කරමින්  ඉහල නැංවීම දෙක අතර  වේග වෙනස හදුනාගත යුතුය.ඝජුවම ඉහල නැංවීමකදී අධික බලයක්  උවමනා වේ... එහෙත් ඉදිරියට ගමන් කරමින් එම ප්‍රමාණයට  ඉහල නැංවීමට අඩු බලයක් අවශ්ය වේ.
              රූපය 41                                                               රූපය 42
3.4යානය ඉහල නැංවීමන් පසුව යානාව ඝජුව  සහ එකම මට්ටමක ගමන් කරවීම..


ගුවන් වේගය වැඩිකරගනු ලබන්නේ ලීවර දණ්ඩ ඉදිරියට  ලිහිල් කීරීමෙනි,යානයේ ගුවන් වේගය එකාකාරව පවත්වගත් විට  යානය ඝජුව සහ ඒකාකාරව පැදවිය හැක.


3.5බ්ලේඩ් ස්ටෝල් තත්වයෙන් මිදීම.


බ්ලේඩ් ස්ටෝල් තත්වය ඇතිවන්නේ ඉහල ගුවන් වේගයකදී ප්‍රතිචාර නලයේ තුඩ  ස්ටීම්ලයින් නම් කොටසේ ඉහල නලයේ ගැටෙන විටය . ඒම ශබ්දය දැඩි ද්විතීය  තාරතාවයකින් යුක්තය, මේම බ්ලේඩ් ස්ටොලයේ ගැටීම  නැවැත්වූ විට  එම අඪි ද්විතීක කම්පනය නවතී. නියමුවාට මෙය දැනෙන්නේ භ්‍රමක තැටියෙන්  ඇතිවන  කම්පනයක් ලෙසටය, නමුත්  භ්‍රමක තැටි තුනකට වරක් එක් කම්පනයක් ඇතිවේ. මෙලෙස දැඩි කම්පන  ඇතිවන  විට පහත සදහන් දෑ කල යුතුය.


 1.සාමූහික ධ්වනි තාරතාවය අඩු කිරීම
 2.ගුවන් වේගය අඩු කිරීම
 3.භ්‍රමැකයේ මිනිත්තුවක් තුල ඇතිවන භ්‍රමක  
   වාර ගණන වැඩිකිරීම


මීලග පර්ච්චේදයෙන් වැඩි දුර විස්තර බලාපොරොත්තුවන්න..


විශේෂ ස්තූතිය - University of peradeniya faculty of engineering
                            Thanks for all professors and students
                            
                            -Shilpa sayura foundation
                            -microbit club -https://goo.gl/2uHX8g
Sagara ekanayake-https://goo.gl/xFcpy6
rajithasagara1479@gmail.com
                           

Tuesday, November 28, 2017

2. හෙලිකොප්ටරයක් පැදවීම -how to drive helicopter

අහසේ පියාසර කරමින් නැවතී සිටීම හෝ නැවතී සිටි තැනින් තමා කැමති දිශාවකට ගමන් කිරීමට නියමුවාගේ සම්පුර්ණ  පාලනයෙන් තොරව ස්වයං පියාසර දිශාව වෙනස් කිරීම චමත්කාර දනවන්නකි...මෙය වෙනත් කිසිදු පියාසර කිරීමකට වඩා අතිශය ප්‍රිය දසුනයි....ගුවන් මගියාගේ පැත්තෙන් බලන විට යානය ඉහල නැංවීමකදි හා යානය බැවුම් කරන අවස්ථාව  මද වේගය මගියාට ආරක්ෂාකාරී වේ... තවද ඔහුට හුරු පුරුදු ලෝකයට මගී කුටියේ සිට දැන ගැනීමට හැකිවීමද අපූරුය...විශේෂයෙන්ම කුඩා ප්‍රමාණයේ හෙලිකොප්ටර යනාවලදි මෙම දසුන වඩාත් සුන්දරව නැරබිය හැක.


2.1හෙලිකොප්ටරයක් පැදවීම පහසු කාර්යක් වේද?

මෙම ප්‍රශ්ණයට එක එල්ලේ පිලිතුරක් දිය නොහැක..මූලික වශයෙන් ශිෂ්‍ය්ය නියමුවෙකුට ආරම්භයේදී විශාල ගුවන් යානා පැදවීමට අපහසු කාර්යක් ලෙස හැදින්වීමට පුලුවනි.. නමුත් පුහුනුව අවසානයේ එය ඉතාම පහසු කාර්යයක් බව වැටහෙනවා නොඅනුමානය,ඊට ප්‍රධාන හේතුව වන්නේ අහසට නැංවීමේදී සහ ගොඩ බැස්සවීමේදී භාවිතාවන සරල තාක්ශණය සහ නියමුකුටියේ සිට  වටපිටාව පිලිබද පැහැදිලිව හදුනාගත හැකිවීමයි..


අනෙක් කාරනය නම් හෙලිකොප්ටරයක අනෙක් ගුවන් යානාවලට ස්ථාවරභාවය  අඩු නිසා අනෙක් පියාපත් සහිත ගුවන් යානා පියාසර නියමුවන්ට වඩා වැඩි චලන පාලනයක් සිදුකල යුතු වේ.
2.2 භ්‍රමක කම්පනය


              භ්‍රමක කම්පනය යනු හෙලිකොප්ටරයක් පැදවීමට අපහසුතාවයට  ප්‍රදාන හේතුව වන්නේ භ්‍රමකයට යටින් ලම්බකව  එහා මෙහා පැද්දෙන යානයේ බදෙහි ස්ථාවර බව සහ පාලන සම්බන්ධීකරණය ක්ෂණිකව සිදු කල යුතුබව යන කාරණා දෙකය...

නවීන හෙලිකොප්ටර යානාවල  වැඩිදියුණුකල භ්‍රමක කම්පනයේ ස්ථාවර ගතිය සහ වඩාත් සංවේදී පාලන ක්‍රම සහ ස්වයංක්‍රීයව ක්‍රියාත්මකවන භ්‍රමක වේග පාලනය ආදිය පැරණි හෙලිකොප්ටර යානා පැදවීමට වඩා පහසු කරවයි.. කෙසේවෙතත් පලපුරුද්ද තුලින් පාලන සම්බන්ධීකරණය නියමුවාගේ දක්ෂතාවයක් ලෙස පවතී…

Friday, November 10, 2017

හෙලිකොප්ටරයක තාක්ෂණය හැදින්වීම..

වර්තමාන ලෝකයේ තාක්ෂණය හා ඉදිරියට යන ගමනේදී විශ්වය ජයගත් ආකාරය විශ්මය ජනකය ...ඉතා සරල ක්‍රියාදාමයක් තුලින් බොහෝ දෑ සිදුකීරීමට අද තාක්ශණයට හැකිවී තිබේ....ඒ සැබැ විශ්මිත සිදුවීම තුලින් ගුවන් ගැබ සිසාරා සිය පථය හසුරවන්නට හැකියාව ලැබී ඇත්තේ එහි විශිෂ්ටත්වය නිසාමය...එහෙත් වර්තමානයේ ඒ විශ්මිත නිර්මාණයේ වගතුග සොයන්නවුන් විරලය...එ ඔවුනට උවමනව නැතිව නොව  ඒ පිලිබදව  කරුණු සෙවීමට ඇති මංපෙත් නොමැතිවීමය ..පාසල් විෂයය මාලාව තුලින් ආධුනික තාක්ෂණික විෂයධාරාව තුලින් ඒ පිලිබදව කරුණු සොයන්න මා උත්සහ දරන්නේ ඒ නිසාමය..විෂයය ධාරාවේ ව්‍යාප්තියක් ලෙස හෙලිකොප්ටර යානයක ක්‍රියාකාරිත්වය හා සැබැදි ක්‍රියාදාමය මා හට හැකිඅයුරින් ඉදිරිපත් කරන්නට  අවස්ථාවක් කරගන්නේ ඒ සදහා දක්වන උනන්දුව නිසාමය,එසේම ඒ තුලින් මේ පිලිබදව උනන්දුවන මා හිතවත් සොයුර සොයුරියන්ටද අත්වැලක් වීයැයි මාගේ පැතුමයි...

Saturday, October 28, 2017



Join ToMicrobit Club

Microbit Club


Microbit Club සාමූහිකයට එකතු වීමට කැමති සහ රොබෝ ලෝකයේ නැවුම් තොරතුරු එසැනින් යාවත්කාලීන කරගැනීමට
whatsapp තුලින් සාමුහික රොබෝ ඇලුම් මිතුරු කවුලුවක් නිරිමාණය කර ඇත... සාමජිකත්වය ලබා ගැනීමට ඔබගේ නැවුම් තාක්ෂණික අදහස් ඉදිරිපත් කිරීමට සහ
සාමාජික මිතුරන් දැනුවත් කිරීමට මෙම ෆොරමය භාවිතා කල හැක....
එක් වීමට අදහස් කරන සාමාජිකයින් සදහා whatsapp ගොනුව භාවිතා කරන්න.....
https://chat.whatsapp.com/HKpz9KI6f5IFbwFR2AJBiM

Wednesday, October 18, 2017


 අන්තර්ජාලයේ දෙවල් -internet of things

 මිනිසා සංකීර්ණ වීමත් සමග අවශ්‍යතාවන් පුලුල් වී ඉක්මනින් සහ වේගයෙන් වැඩකිරීමට සහ පහසුවෙන් තම අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට පෙලබේ.... ඉතින් අද වන විට ගොඩක් දෙනා කතාකරන අන්තාර්ජාලයේ දෙවල් ගැන කෙටි හැදින්විමක් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා....

thiradarshi

තීරදර්ශී අධ්‍යපන ප්‍රදර්ශනය රණබිම රාජකීය විදුහල ගන්නේරුව........ ශිල්ප සයුර

Thursday, August 17, 2017

මොකක්ද මේ Rasbarry pi කියන්නේ ?

සුබ දවසක් යාලුවනේ

ආයුබොවන්  අද අපි කතා කරන්න යන්නේ programming  වලිදි හාවිතා වන තවත් අපූරු  platform වේදිකාවක් පිලිබඳවයි ..... මොකක්ද මේ rasbarry pi කියන්නේ....

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු වූ EBEN UPTON මහතා හදුන්වා දුන් මෙම ක්‍රමලේකන වේදිකාව අතිශයින් ජනප්‍රිය  වෙලා තියනවා.... කේම්බ්‍රිජ් සරසවියේ කේතනය ඉගන ගන්න සිසුන් හට computer hardware  සහ  අවබෝධයක් ලබාගැනීම සදහා නිපද වූ මෙම කුඩා පරිගණකය අද වන විට විවිද උපකරන වගේම රොබෝ තාක්ෂණය  සදහාද යොදාගන්නවා....

python ක්‍රමලේකනයන් බල ගැන්වෙන නිසා මෙම micro computer  ය rasbarry PI කියලා හදුන්වනවා.... මොකද මම මේකට MICRO  COMPUTER කියලා කිව්වේ ඒකට හේතුව තව ටිකකින් පැහැදිලි  කරන්නම්... ඉතින් 2011 වර්ෂයේ මැයි මාසයේ BBC පුවත් හරහා ලොව පුරා ප්‍රචාරය උන මෙම සුපිරි පරිගණකය  සදහා.... සුපිරිම  ඉල්ලුමක් තිබුනා....පාරිභෝගික අවශ්‍යතාව මත චීනයේ සහ තායිලන්තයේ නිමැවුම්හල් වල මෙම rasbarry pi පරිගණකය  නිර්මාණය  වෙන්න පටන් ගත්‍තා ...පසුව 2012 පෙබරවාරි  29  වෙනිදා rasbarry foundation  නමින් ආයතනයක් පටන් ගත්තා...
වෙලදාම පටන් පලමු වන පැය ඇතුලත ඇනවුම්  1000 සහ පරිගණකය ලක්ෂයක් වෙත ඇනවුම්  ලැබුනා...අද වෙන විට බ්‍රිතාන්‍යයේ  නිමැවුම් හල් වෙත නිපදවෙන මම කුඩා පරිගණකය කේතනය සදහා යොමු වෙන සියලු දෙනාටම ඉතා වටිනා උපකරණ  වෙන මෙය.... ebay   සහ ඇමසන් වෙබ් අඩව් වලින් ඇනවුම්  කල් හැක 35$-40$.....

දැන් අපි බලමු මේ කුඩා පරිපථය ඇයි කුඩා පරිගණකය සමාන කරන්නේ කියලා....තවද මේ වේදිකාව ඔයාගේ smart  phone එකට සමාන  කරන්න පුලුවන් කිව්වොත් මම නිවැරදි ..... rasbarry pi  platform  එකේ කුඩා  Operating system එකක් run  කරන්න පුලුවන් ඒ වගේම 1GB ram එකක් සහ 1.2 GHz 64/32-bit quad-core ARM Cortex-A53 ප්‍රොපසරයකින් බලගැන්වෙනවා.... දැන් තේරෙනවා ඇතිනේ මොකද පරිගණකයකට සහ ජංගම දුරකථනයකට සමාන කලේ කියලා.... තවද rasbarry pi වේදිකාව  විශේෂයෙන් wifi සහ bluetooth වලින්ද සමන්විතයි.....

Python  ක්‍රමලේකනයන් යොදාගෙන open source මෘදුකාංග යොදාගෙන අංකනය සහ කේතනය  කල හැකිය....
Usb port හතරකින් සහ HDMI  out put port එකකින් සහ 3.5 mm  audio input  එකකින්ද සමන්විතය.....පහල පෙන්වා ඇති රෑපයේ port පෙන්වා දී ඇත....තවද මෙහි micro sd chip නොහොත මතකයක් පරිපථය පිටුපසින් සම්බන්ධ  කල හැක.... සියලුම කේතනයන් සහ os ක්‍රියාත්මක වෙන්නේ මේ තුලයි...මෙම port වලට අදාල කාර්යන් වෙන වෙනම සදහන් කරන්නම්.... ජායාරූප වෙත පිවිසෙන්න එහි විස්තරාත්මක නම් කර දක්වා ඇත....

USB ports  4 ක්  2.0

Ethernet port - අන්තර්ජාලය සම්බන්ධ කිරීමට

40 pin (GPIO )-input / output  progress

HDMI port - වෙනත් අමතර display / moniter  සම්බන්ධ  කර ගැනීමට

DSI port - කුඩා අංකිත display  සවිකර ගැනීමට

Micro usb - බලය ලබාදීමට input power 5v

Camera  input port (csi) - කැමරාවක් සම්බන්ධ  කරගැනීමට 

micro sd slot -  පරිගණකයේ මතකය සහ memory / storage 

සහ

Audio input out put jack and mic  අදාල වෙනවා....

තව ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්නයක්  තමයි මේකේ මොනවද වැඩකරන open source  software  කියලා...ඒවා තමයි

Raspbian
CentOS
Fedora
Ubuntu MATE
Kali Linux
Ubuntu Core
Windows 10 IoT Core[1]
RISC OS
Slackware
Debian
Arch Linux ARM
Android Things
SUSE
FreeBSD
NetBSD

මේ සියල්ලම මෙහි පාවිච්චි  කරන්න පුලුවන්....ඉතින් මෙම සුපිරි platform  එකෙන් අද සුපිරිම නිර්මාණ  බිහිවෙලා තියනවා....
ඉතින් එහෙනම් ඔන්න තවත් programming වලට ආස අයට තවත් සුපිරිම බ්ලොගයක් රැගෙන පැමිනෙන්නම් .....

ඊලඟට ප්‍රෝගෑමින්  කතා කරන්න කලින්      CMD   වල ඉදන් සරලව මුල සිට කේතනය  programming පටන් ගන්නවා... එතෙක් ඔබෙන් සමුගන්නම්.... මම රජිත සාගර... 

උතුම්  දලදා සමිදු  පිහිටයි ..😃😃😃

Wednesday, August 16, 2017

What's the RASBARRY PI

ආයුබොවන් ....හැමදෙනාටම programming වලදි නැතිවම බැරි platform එකක් මුල සිට rasbarry pi නොහොත් mini computer  එක ගැන විස්තරාත්මක හැදින්වීමයි මේ

Thursday, August 10, 2017

රොබෝ යුද්ධයක්......

ලෑස්ති  වෙන්න ලංකාවේ ඉන්න සුපිරිම ARDINO සහ PROGRAMMING වැඩ්ඩන්ට වැඩ පෙන්නන්න සුපිරි වේදිකාවක්  .. MICRO-BIT  PLATFORM  එකත් එක්ක සුපිරිම  වැඩක් පටන් ගන්න .... මේ දෙසැම්බරයේ  රෝබෝ  යුද්ධය  ලංකාවේ  MICRO-BIT LANKA USER  GROUP  එකත් එක්ක සුපිරියටම පැවැත්වීමට සියලු කටයුතු  සූදානමින්  පවතිනවා.....
ඔයා ලෑස්තිද ?

Wednesday, August 2, 2017

සන්නීවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා SRI LANKA TELECOM විදුලි සංදේශ වංසකතාවේ පෙරාගමනය ..

               මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම මිනිස් ජීවිත සංකීර්ණත්වයෙන් ඉදිරියට  මෙහෙයවන ලද ගාමක බලවේග අතර ඉහලම තැනක් හිමි වන්නේ සන්නිවේදනයටයි...විද්‍යුත් සන්නීවේදන ක්‍රම භාවිතයට පැමිණීමට ප්‍රථම , ග්‍රී ලංකාවේ ද ඈත අතීතයේ  සිටම විවිධ උපක්‍රම භාවිතා  කරමින් සන්නීවේදන  කටයුතු සිදු වූ බවට සාක්ෂි  අපට හමුවේ...එහෙත් මේ සියලු සන්නීවේදන  මාධ්‍යයන් වෙත විධිමත් ස්වරූපයක් හිමි වූයේ බ්‍රිතාන්‍ය යටත් විජිත  සමයේ වතු ආර්ථිකය  සහ ඒ හා බැදී යටිතලපහසුකම් වයුහය ආශ්‍රිත සැලකිය යුතු වර්ධනයන් නිසා උත්ගත වූ අවශ්‍යතා මත බව කිව හැකිය...මේ පසුබිම තුල එතෙක් පැවැති  සන්නිවේදන ක්‍රම හා මාධ්‍යයන්හි සීමිත බව වටහාගත් බ්‍රිතාන්‍ය පාලකයන් දේශිය සන්නීවේදන ඉතිහාසයේ පෙර නොවූ විරූ පෙරලියක් සනිටුහන් කරමින් 1857 වර්ෂයේදී සිලෝන් ටෙලිග්‍රාෆ් දෙපාර්තමේන්තුව පිහිටු වීම ස්විශේෂිත සිදුවීමක් විය...

ආරම්භක අවදියේදී මෙම දෙපාර්තමේන්තුව ඉන්දියාවේ පිහිටි තැපැල් හා ටෙලිග්‍රාෆ් දෙපාර්තමේන්තුව යටතේ පාලනය වුනි.. සිලෝන් ටෙලිග්‍රාෆ් දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසු වසර එනම් 1858, දේශිය සන්නීවේදන ඉතිහාසයේ නොමැකෙන මතක සටහනක් වන්නේ ග්‍රී ලංකාවේ පලමු විද්‍යුත් ටෙලිග්‍රාෆ් සන්නිවේදන මාර්ගයක් කොලඹ හා ගාල්ල අතර ආරම්භ කිරීම හේතුවෙනි...

            එවකට පැවති සීමිත යටිතලපහසුකම් හේතුවෙන් සැතපුම් 74 දිගැති වූ මෙම ටෙලිග්‍රාෆ් රැහැන් එම නගර දෙක අතර යොදන්නට සිදුවූයේ වෙරළ තීරය දීගේ නැගී සිටි පොල්ගස් රැහැන් සවි කල කනු වශයෙන් හාවිතා කරමිනුයි....

           එතෙක් ඉන්දියානු ටෙලිග්‍රාෆ් දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙමින් පැවති සිලෝන් ටෙලිග්‍රාෆ්  දෙපාර්තමේන්තුව 1880 වසරෙදි පෝස්ට්මාස්ටර් ජෙනරාල් සහ ටෙලිග්‍රාෆ්  අධ්‍යක්ෂවරයකු යටතේ තැපැල් හා ටෙලිග්‍රාෆ්  දෙපාර්තමේන්තුව  නමින් ග්‍රී ලංකාවේ පිහිටුවන ලද අතර එහි පලමු පෝස්ට්මාස්ටර් ජෙනරාල්වරයා වූයේ බ්‍රිතාන්‍ය ජාතික T.R.B skinner මහතාය....අද පවා දැකිය හැකි කොලඹ ප්‍රධාන තැපැල් කාර්‍යාල ගොඩනැගිල්ල ඊට නිවස්න  විය...අද වන විට ජාතික තෙරතුරු සන්නිවේදන දැවැන්තයා ලෙස ග්‍රී ලාංකීකයන් වෙනුවෙන් අමිල මෙහෙවරක නිරත SRI LANKA TELECOM ආයතනය පුරෝගාමියා වූයේද මෙම දෙපාර්තමේන්තුව  වීමද විෂේශයකි...

Wednesday, July 19, 2017

මොකක්ද මේ MICRO-BIT කියන්නේ ??

ආයුබෝවන් සුබ දවසක් යාලුවනේ......


මගේ motivation  බ්ලොග් සටහන කියවන්න ඇති කියලා හිතනවා.....  අද මම තෝරගත්තේ ලංකාවේ වේගයෙන් ජනප්‍රිය වන මාතෘකාවක්....  ටිකකට ardiuno පැත්තකින් තියන්න, අද කියන්න යන්නේ ඊට සමාන තවත් platform එකක් ගැනයි........කතා ඔන් නෑ යමුද අද සටහනට......


මොකක්ද මේ MICRO-BIT කියන්නේ?


Ardiuno වලින් පොඩ්ඩක් එහාට ගියහම අපිට ඊලඟට  හම්බෙන platform  එක තමයි micro-bit  කියන්නේ..... 2015 වසරෙදි BBC සමාගම මඟින් ඉදිරිපත් කරපු මේ micro connecter platform එක, ardiuno පරිපථයට බෙහෙවින් සමාන නමුත් ardiuno පරිපථයට වඩා විශේෂිත හැකියාවලින් සමන්විත වේ.....MICRO-BIT  එක කුඩා පරිගණකයක් කිව්වොත්  නිවැරදියි...මීට වසර 30 පෙර BBC Micro පරිගණකය හදුන්වා දුන්නේ අනාගත ක්‍රමලේකනයන් අරමුණු  කරගෙනයි... BBC සමාගම එය තව දුරටත් ඉදිරියට ගෙන යාමට micro-bit  හදුන්වා දුන්නා... micro-bit sri lanka user group  එක පවසන පරිදි micro පරිගණකයට වඩා 17 ගුණයක් කුඩයි , 617 ගුණයක් සැහැල්ලුයි ,නමුත් 18 ගුණයකින් වේගවත්  කියලයි කියන්නේ..... 


Micro-bit platform  එක ardiuno වලට වඩා පහසුවෙන් පලනය කරන්න පුලුවන්...... මොකද මේක සමඟ වැඩ කිරීමට programming පිලිබඳව කුඩා දැනුමක් හොදටම ප්‍රමානවත්. programming වෙත පිවිසෙන ආධුනිකයන්ට මෙන්ම, මෙම විෂය හා සම්බන්ධ ඇලුම් කරන්නන්ට තමයි මේ BBC එකෙන් මෙය හඳුන්වා දුන්නේ..... ඔයාලත් මේ විෂයට ආදරේ කරනවා නම් මේක හොඳ මූලාරම්භයක් කියලා මම හිතනවා...... මෙහි bluetooth ස්ථාපනය නිසා controlling  හරිම පහසුයි.....

මම කිව්වානේ ආර්ඩිනෝ වලට වඩා විශේෂිත හැකියාවලින් මෙය සමන්විත බව...... 

මෙහි accelerometer , magento ,light හා උෂ්ණත්ව සංවේදකයක් අඩංගු  වෙනවා...මම කලින් සදහන් කලේ මේකේ විශේෂිත හැකියාව නම් bluetooth  වලින් පාලනය කරන්න පුලුවන්  කියලා... ඔව් මේකේ bluetooth low Energy Protocol එකකින් සමන්විත වෙනවා.....


පහසුවෙන්ම අනෙකුත් bluetooth ස්ථාපන උපාංග මගින් පාලනය කල හැකි වෙන්වා.... ardiuno සහ micro-bit  අතර විශේෂිත  වෙනස්කම නම් කේතනය සඳහා වයරයක් බාවිතා නොකර කේතනය microcontroller වෙත ලබාදීමය..... එය bluetooth  හරහා කල හැක.... මෙම microcontroller ය python හා C++  coding  languages ක්‍රමලේකන භාෂාවන් යොදාගෙන programming  කල හැකිය....  මෙහි බර 8g යි, ප්‍රමාණය සදහන් වෙන්නේ 5cm*4cm කියලයි.......


තවද, 


*පාලනය කළ හැකි බොත්තම් තුනකි.

*කුඩා LED බල්බ විසිපහක් (5*5).

*චලන අනාවරකයක්.

*digital compass.

*accelerometer.

*bluetooth low energy.

*micro -usb controller.

*two programming buttons.


                      

මෙය ARM CORTEX 32-BIT MO cpu මඟින් බලගැන්වේ..... කේතනය පරීක්ෂා කරලා බලන්න පුලුවන් led බල්බ යොදාගෙන සිදුකරන්න පුලුවන්.... 

ඔයාලට තියන ලොකුම  ප්‍රශ්නය මේක කොහෙන්ද මිලදී ගන්නේ කියලනේ.... තාම ලංකාවේ අපේ කට්ටිය ගාව නම් දැක්කේ නෑ මම...... ඔන්න මම නම් ගත්තා..... ඔයාට මේ ගැන වැඩි විස්තර ඔනි නම්, ඒකට උදව් කරන්න micro-bit  sri lanka user group  එක සූදානමින්  ඉන්නවා... මේ ලින්ක් එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්....

(http://microbitslug.org)


එහෙනම් යාලුවනේ,  තවත් අලුත් බ්ලොගයකින් හමුබවෙමු..... youtube  channel  එකටත් සියලු  වැඩ සූදානම්.... මගේ ඊලඟ blog එක DOTA 2 ගේම් එක ගැන...... එහෙනම් නැවත  හමුවෙමු .... මම, රජිත සාගර.....



          උතුම් දළදා සමිදු පිහිටයි.......

ගුවනේ නැවතී සිටිමින් ඉහල නැංවීම හෙවත් තත්ව මාරුව

3.6 අප දෙවැනි පාඩමෙන් කතාකල භ්‍රමක තැටියෙන් ඇතිවන කම්පනයෙන් මිදීමට  කල යුතු දෑ....ඉතිරිය සහ අද පාඩම (4.0) ගමන් කරන යානය හැරවීම. 1.සාමූ...