Wednesday, August 2, 2017

සන්නීවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා SRI LANKA TELECOM විදුලි සංදේශ වංසකතාවේ පෙරාගමනය ..

               මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම මිනිස් ජීවිත සංකීර්ණත්වයෙන් ඉදිරියට  මෙහෙයවන ලද ගාමක බලවේග අතර ඉහලම තැනක් හිමි වන්නේ සන්නිවේදනයටයි...විද්‍යුත් සන්නීවේදන ක්‍රම භාවිතයට පැමිණීමට ප්‍රථම , ග්‍රී ලංකාවේ ද ඈත අතීතයේ  සිටම විවිධ උපක්‍රම භාවිතා  කරමින් සන්නීවේදන  කටයුතු සිදු වූ බවට සාක්ෂි  අපට හමුවේ...එහෙත් මේ සියලු සන්නීවේදන  මාධ්‍යයන් වෙත විධිමත් ස්වරූපයක් හිමි වූයේ බ්‍රිතාන්‍ය යටත් විජිත  සමයේ වතු ආර්ථිකය  සහ ඒ හා බැදී යටිතලපහසුකම් වයුහය ආශ්‍රිත සැලකිය යුතු වර්ධනයන් නිසා උත්ගත වූ අවශ්‍යතා මත බව කිව හැකිය...මේ පසුබිම තුල එතෙක් පැවැති  සන්නිවේදන ක්‍රම හා මාධ්‍යයන්හි සීමිත බව වටහාගත් බ්‍රිතාන්‍ය පාලකයන් දේශිය සන්නීවේදන ඉතිහාසයේ පෙර නොවූ විරූ පෙරලියක් සනිටුහන් කරමින් 1857 වර්ෂයේදී සිලෝන් ටෙලිග්‍රාෆ් දෙපාර්තමේන්තුව පිහිටු වීම ස්විශේෂිත සිදුවීමක් විය...

ආරම්භක අවදියේදී මෙම දෙපාර්තමේන්තුව ඉන්දියාවේ පිහිටි තැපැල් හා ටෙලිග්‍රාෆ් දෙපාර්තමේන්තුව යටතේ පාලනය වුනි.. සිලෝන් ටෙලිග්‍රාෆ් දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසු වසර එනම් 1858, දේශිය සන්නීවේදන ඉතිහාසයේ නොමැකෙන මතක සටහනක් වන්නේ ග්‍රී ලංකාවේ පලමු විද්‍යුත් ටෙලිග්‍රාෆ් සන්නිවේදන මාර්ගයක් කොලඹ හා ගාල්ල අතර ආරම්භ කිරීම හේතුවෙනි...

            එවකට පැවති සීමිත යටිතලපහසුකම් හේතුවෙන් සැතපුම් 74 දිගැති වූ මෙම ටෙලිග්‍රාෆ් රැහැන් එම නගර දෙක අතර යොදන්නට සිදුවූයේ වෙරළ තීරය දීගේ නැගී සිටි පොල්ගස් රැහැන් සවි කල කනු වශයෙන් හාවිතා කරමිනුයි....

           එතෙක් ඉන්දියානු ටෙලිග්‍රාෆ් දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙමින් පැවති සිලෝන් ටෙලිග්‍රාෆ්  දෙපාර්තමේන්තුව 1880 වසරෙදි පෝස්ට්මාස්ටර් ජෙනරාල් සහ ටෙලිග්‍රාෆ්  අධ්‍යක්ෂවරයකු යටතේ තැපැල් හා ටෙලිග්‍රාෆ්  දෙපාර්තමේන්තුව  නමින් ග්‍රී ලංකාවේ පිහිටුවන ලද අතර එහි පලමු පෝස්ට්මාස්ටර් ජෙනරාල්වරයා වූයේ බ්‍රිතාන්‍ය ජාතික T.R.B skinner මහතාය....අද පවා දැකිය හැකි කොලඹ ප්‍රධාන තැපැල් කාර්‍යාල ගොඩනැගිල්ල ඊට නිවස්න  විය...අද වන විට ජාතික තෙරතුරු සන්නිවේදන දැවැන්තයා ලෙස ග්‍රී ලාංකීකයන් වෙනුවෙන් අමිල මෙහෙවරක නිරත SRI LANKA TELECOM ආයතනය පුරෝගාමියා වූයේද මෙම දෙපාර්තමේන්තුව  වීමද විෂේශයකි...

No comments:

Post a Comment

ගුවනේ නැවතී සිටිමින් ඉහල නැංවීම හෙවත් තත්ව මාරුව

3.6 අප දෙවැනි පාඩමෙන් කතාකල භ්‍රමක තැටියෙන් ඇතිවන කම්පනයෙන් මිදීමට  කල යුතු දෑ....ඉතිරිය සහ අද පාඩම (4.0) ගමන් කරන යානය හැරවීම. 1.සාමූ...