Thursday, August 17, 2017

මොකක්ද මේ Rasbarry pi කියන්නේ ?

සුබ දවසක් යාලුවනේ

ආයුබොවන්  අද අපි කතා කරන්න යන්නේ programming  වලිදි හාවිතා වන තවත් අපූරු  platform වේදිකාවක් පිලිබඳවයි ..... මොකක්ද මේ rasbarry pi කියන්නේ....

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු වූ EBEN UPTON මහතා හදුන්වා දුන් මෙම ක්‍රමලේකන වේදිකාව අතිශයින් ජනප්‍රිය  වෙලා තියනවා.... කේම්බ්‍රිජ් සරසවියේ කේතනය ඉගන ගන්න සිසුන් හට computer hardware  සහ  අවබෝධයක් ලබාගැනීම සදහා නිපද වූ මෙම කුඩා පරිගණකය අද වන විට විවිද උපකරන වගේම රොබෝ තාක්ෂණය  සදහාද යොදාගන්නවා....

python ක්‍රමලේකනයන් බල ගැන්වෙන නිසා මෙම micro computer  ය rasbarry PI කියලා හදුන්වනවා.... මොකද මම මේකට MICRO  COMPUTER කියලා කිව්වේ ඒකට හේතුව තව ටිකකින් පැහැදිලි  කරන්නම්... ඉතින් 2011 වර්ෂයේ මැයි මාසයේ BBC පුවත් හරහා ලොව පුරා ප්‍රචාරය උන මෙම සුපිරි පරිගණකය  සදහා.... සුපිරිම  ඉල්ලුමක් තිබුනා....පාරිභෝගික අවශ්‍යතාව මත චීනයේ සහ තායිලන්තයේ නිමැවුම්හල් වල මෙම rasbarry pi පරිගණකය  නිර්මාණය  වෙන්න පටන් ගත්‍තා ...පසුව 2012 පෙබරවාරි  29  වෙනිදා rasbarry foundation  නමින් ආයතනයක් පටන් ගත්තා...
වෙලදාම පටන් පලමු වන පැය ඇතුලත ඇනවුම්  1000 සහ පරිගණකය ලක්ෂයක් වෙත ඇනවුම්  ලැබුනා...අද වෙන විට බ්‍රිතාන්‍යයේ  නිමැවුම් හල් වෙත නිපදවෙන මම කුඩා පරිගණකය කේතනය සදහා යොමු වෙන සියලු දෙනාටම ඉතා වටිනා උපකරණ  වෙන මෙය.... ebay   සහ ඇමසන් වෙබ් අඩව් වලින් ඇනවුම්  කල් හැක 35$-40$.....

දැන් අපි බලමු මේ කුඩා පරිපථය ඇයි කුඩා පරිගණකය සමාන කරන්නේ කියලා....තවද මේ වේදිකාව ඔයාගේ smart  phone එකට සමාන  කරන්න පුලුවන් කිව්වොත් මම නිවැරදි ..... rasbarry pi  platform  එකේ කුඩා  Operating system එකක් run  කරන්න පුලුවන් ඒ වගේම 1GB ram එකක් සහ 1.2 GHz 64/32-bit quad-core ARM Cortex-A53 ප්‍රොපසරයකින් බලගැන්වෙනවා.... දැන් තේරෙනවා ඇතිනේ මොකද පරිගණකයකට සහ ජංගම දුරකථනයකට සමාන කලේ කියලා.... තවද rasbarry pi වේදිකාව  විශේෂයෙන් wifi සහ bluetooth වලින්ද සමන්විතයි.....

Python  ක්‍රමලේකනයන් යොදාගෙන open source මෘදුකාංග යොදාගෙන අංකනය සහ කේතනය  කල හැකිය....
Usb port හතරකින් සහ HDMI  out put port එකකින් සහ 3.5 mm  audio input  එකකින්ද සමන්විතය.....පහල පෙන්වා ඇති රෑපයේ port පෙන්වා දී ඇත....තවද මෙහි micro sd chip නොහොත මතකයක් පරිපථය පිටුපසින් සම්බන්ධ  කල හැක.... සියලුම කේතනයන් සහ os ක්‍රියාත්මක වෙන්නේ මේ තුලයි...මෙම port වලට අදාල කාර්යන් වෙන වෙනම සදහන් කරන්නම්.... ජායාරූප වෙත පිවිසෙන්න එහි විස්තරාත්මක නම් කර දක්වා ඇත....

USB ports  4 ක්  2.0

Ethernet port - අන්තර්ජාලය සම්බන්ධ කිරීමට

40 pin (GPIO )-input / output  progress

HDMI port - වෙනත් අමතර display / moniter  සම්බන්ධ  කර ගැනීමට

DSI port - කුඩා අංකිත display  සවිකර ගැනීමට

Micro usb - බලය ලබාදීමට input power 5v

Camera  input port (csi) - කැමරාවක් සම්බන්ධ  කරගැනීමට 

micro sd slot -  පරිගණකයේ මතකය සහ memory / storage 

සහ

Audio input out put jack and mic  අදාල වෙනවා....

තව ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්නයක්  තමයි මේකේ මොනවද වැඩකරන open source  software  කියලා...ඒවා තමයි

Raspbian
CentOS
Fedora
Ubuntu MATE
Kali Linux
Ubuntu Core
Windows 10 IoT Core[1]
RISC OS
Slackware
Debian
Arch Linux ARM
Android Things
SUSE
FreeBSD
NetBSD

මේ සියල්ලම මෙහි පාවිච්චි  කරන්න පුලුවන්....ඉතින් මෙම සුපිරි platform  එකෙන් අද සුපිරිම නිර්මාණ  බිහිවෙලා තියනවා....
ඉතින් එහෙනම් ඔන්න තවත් programming වලට ආස අයට තවත් සුපිරිම බ්ලොගයක් රැගෙන පැමිනෙන්නම් .....

ඊලඟට ප්‍රෝගෑමින්  කතා කරන්න කලින්      CMD   වල ඉදන් සරලව මුල සිට කේතනය  programming පටන් ගන්නවා... එතෙක් ඔබෙන් සමුගන්නම්.... මම රජිත සාගර... 

උතුම්  දලදා සමිදු  පිහිටයි ..😃😃😃

No comments:

Post a Comment

ගුවනේ නැවතී සිටිමින් ඉහල නැංවීම හෙවත් තත්ව මාරුව

3.6 අප දෙවැනි පාඩමෙන් කතාකල භ්‍රමක තැටියෙන් ඇතිවන කම්පනයෙන් මිදීමට  කල යුතු දෑ....ඉතිරිය සහ අද පාඩම (4.0) ගමන් කරන යානය හැරවීම. 1.සාමූ...