Wednesday, July 19, 2017

මොකක්ද මේ MICRO-BIT කියන්නේ ??

ආයුබෝවන් සුබ දවසක් යාලුවනේ......


මගේ motivation  බ්ලොග් සටහන කියවන්න ඇති කියලා හිතනවා.....  අද මම තෝරගත්තේ ලංකාවේ වේගයෙන් ජනප්‍රිය වන මාතෘකාවක්....  ටිකකට ardiuno පැත්තකින් තියන්න, අද කියන්න යන්නේ ඊට සමාන තවත් platform එකක් ගැනයි........කතා ඔන් නෑ යමුද අද සටහනට......


මොකක්ද මේ MICRO-BIT කියන්නේ?


Ardiuno වලින් පොඩ්ඩක් එහාට ගියහම අපිට ඊලඟට  හම්බෙන platform  එක තමයි micro-bit  කියන්නේ..... 2015 වසරෙදි BBC සමාගම මඟින් ඉදිරිපත් කරපු මේ micro connecter platform එක, ardiuno පරිපථයට බෙහෙවින් සමාන නමුත් ardiuno පරිපථයට වඩා විශේෂිත හැකියාවලින් සමන්විත වේ.....MICRO-BIT  එක කුඩා පරිගණකයක් කිව්වොත්  නිවැරදියි...මීට වසර 30 පෙර BBC Micro පරිගණකය හදුන්වා දුන්නේ අනාගත ක්‍රමලේකනයන් අරමුණු  කරගෙනයි... BBC සමාගම එය තව දුරටත් ඉදිරියට ගෙන යාමට micro-bit  හදුන්වා දුන්නා... micro-bit sri lanka user group  එක පවසන පරිදි micro පරිගණකයට වඩා 17 ගුණයක් කුඩයි , 617 ගුණයක් සැහැල්ලුයි ,නමුත් 18 ගුණයකින් වේගවත්  කියලයි කියන්නේ..... 


Micro-bit platform  එක ardiuno වලට වඩා පහසුවෙන් පලනය කරන්න පුලුවන්...... මොකද මේක සමඟ වැඩ කිරීමට programming පිලිබඳව කුඩා දැනුමක් හොදටම ප්‍රමානවත්. programming වෙත පිවිසෙන ආධුනිකයන්ට මෙන්ම, මෙම විෂය හා සම්බන්ධ ඇලුම් කරන්නන්ට තමයි මේ BBC එකෙන් මෙය හඳුන්වා දුන්නේ..... ඔයාලත් මේ විෂයට ආදරේ කරනවා නම් මේක හොඳ මූලාරම්භයක් කියලා මම හිතනවා...... මෙහි bluetooth ස්ථාපනය නිසා controlling  හරිම පහසුයි.....

මම කිව්වානේ ආර්ඩිනෝ වලට වඩා විශේෂිත හැකියාවලින් මෙය සමන්විත බව...... 

මෙහි accelerometer , magento ,light හා උෂ්ණත්ව සංවේදකයක් අඩංගු  වෙනවා...මම කලින් සදහන් කලේ මේකේ විශේෂිත හැකියාව නම් bluetooth  වලින් පාලනය කරන්න පුලුවන්  කියලා... ඔව් මේකේ bluetooth low Energy Protocol එකකින් සමන්විත වෙනවා.....


පහසුවෙන්ම අනෙකුත් bluetooth ස්ථාපන උපාංග මගින් පාලනය කල හැකි වෙන්වා.... ardiuno සහ micro-bit  අතර විශේෂිත  වෙනස්කම නම් කේතනය සඳහා වයරයක් බාවිතා නොකර කේතනය microcontroller වෙත ලබාදීමය..... එය bluetooth  හරහා කල හැක.... මෙම microcontroller ය python හා C++  coding  languages ක්‍රමලේකන භාෂාවන් යොදාගෙන programming  කල හැකිය....  මෙහි බර 8g යි, ප්‍රමාණය සදහන් වෙන්නේ 5cm*4cm කියලයි.......


තවද, 


*පාලනය කළ හැකි බොත්තම් තුනකි.

*කුඩා LED බල්බ විසිපහක් (5*5).

*චලන අනාවරකයක්.

*digital compass.

*accelerometer.

*bluetooth low energy.

*micro -usb controller.

*two programming buttons.


                      

මෙය ARM CORTEX 32-BIT MO cpu මඟින් බලගැන්වේ..... කේතනය පරීක්ෂා කරලා බලන්න පුලුවන් led බල්බ යොදාගෙන සිදුකරන්න පුලුවන්.... 

ඔයාලට තියන ලොකුම  ප්‍රශ්නය මේක කොහෙන්ද මිලදී ගන්නේ කියලනේ.... තාම ලංකාවේ අපේ කට්ටිය ගාව නම් දැක්කේ නෑ මම...... ඔන්න මම නම් ගත්තා..... ඔයාට මේ ගැන වැඩි විස්තර ඔනි නම්, ඒකට උදව් කරන්න micro-bit  sri lanka user group  එක සූදානමින්  ඉන්නවා... මේ ලින්ක් එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්....

(http://microbitslug.org)


එහෙනම් යාලුවනේ,  තවත් අලුත් බ්ලොගයකින් හමුබවෙමු..... youtube  channel  එකටත් සියලු  වැඩ සූදානම්.... මගේ ඊලඟ blog එක DOTA 2 ගේම් එක ගැන...... එහෙනම් නැවත  හමුවෙමු .... මම, රජිත සාගර.....



          උතුම් දළදා සමිදු පිහිටයි.......

No comments:

Post a Comment

ගුවනේ නැවතී සිටිමින් ඉහල නැංවීම හෙවත් තත්ව මාරුව

3.6 අප දෙවැනි පාඩමෙන් කතාකල භ්‍රමක තැටියෙන් ඇතිවන කම්පනයෙන් මිදීමට  කල යුතු දෑ....ඉතිරිය සහ අද පාඩම (4.0) ගමන් කරන යානය හැරවීම. 1.සාමූ...