Tuesday, July 18, 2017

How I Change My Self Image - කොහොමද මම මගේ ස්වයං ප්‍රතිරූපය වෙනස් කරගන්නේ

ආයුබෝවන් .....

කොහොමද යාලුවනේ  ඔයාලට...
මගේ  පලවෙනි බ්ලොග් සටහනේ ලියන්න කල්පනා කරා කතා කරන්න යන මාතෘකා වලින් ගොඩක් එහාට ගියපු කාතාවක්..තව දෙයක් සියලුම blogs සිංහලෙන් කරන්න කල්පනා කලා..මේ සටහනේ video tutorial  එක තව නොබෝ දිනකින් මගේ youtube  channel  එකට එක් කරන්න බලාපොරොත්තු වෙනවා.....හරි, වැඩි කතා ඕනෙ නෑ......  මොකක්ද මගේ පලවෙනි බ්ලොග් සටහන......

කොහොමද මම මගේ ස්වයං ප්‍රතිරූපය  වෙනස් කරගන්නේ....

අදහසක් එනවද ඔයාලට.... හරි මෙහෙම පටන් ගමු...අපේ ජීවිතය  හරි සුන්දරයි, හරි සැහැල්ලුයි ඒ වගේම හරි ලස්සනයි..එහෙම කිව්වොත් එකහ වෙනවද....???   සුන්දර  ජීවිතය  අසුන්දර  කර ගන්නෙත්, ජීවිතයේ සැහැල්ලු  බව නැති කරගන්නෙත් අපිමයි..ජීවිතය සංකීර්ණ වීමෙන් උද්ගත වන ගැටලු සහ එම ගැටලුව තුල හඹා ගොස් ඇතිවන මානසික පීඩනය සහ වියවුල් බව ජීවිතය අවුලෙන්  අවුලට පත් කරයි...තම කුඩා වරදකින් උත්පන්න වන ගැටලුව ඉතා සංකීර්ණ වී ගොස් අනෙකා දෙසට ඇගිල්ල දික් කරන තත්වයට පැමිණෙයි..විටක මූලාරම්භය කුඩා සිදුවීමක් විය හැක...ඒ අවස්ථාවදීම හදුනා ගෙන අවශ්‍ය ප්‍රතිකාර සිදුකළේ නම්.... ගැටලු සංකීර්ණ  නොවනු ඇත...හැම දේටම මුල් වෙන්නේ ඔයා කරන හොද හෝ නරක ක්‍රියාවයි..නිවැරදි ආකල්ප නිවැරදි  මග පහදා දෙයි  ..

වැරදි  ආකල්පය නොහොත් අනුවණ ක්‍රියාව ගැටලු කාරී තත්ත්වයන් උදා කරයි....දුක සතුට තීරණය වෙන්නේ ඒ ගන්නා ආකල්පය අනුවය... නිවැරදි ආකල්පය තමන්ට මෙන්ම අන් අයටද ප්‍රීතිය  ගෙන දෙයි..වැරදි ආකල්පයක් තමා පමණක්  නොව මුලු මහත් සමාජයම අපකීර්තියට  පත් කරයි....නිතරම හිනා වෙලා සතුටින් ඉන්න බලන්න...හැම වෙලාවෙම ඔයා කරන්න යන දේ ගැන දෙවරක් සිතන්න...එයින් ලැබෙන්නාවු ප්‍රතිඵලය තමාට මෙන්ම අන් අයටද ලාබදායක වන්නේදැයි සිතන්න...., නිවැරදි ආකල්පයක් මතින් අන් අයද තෘප්තිමත් කරමින් ඉදිරියට  පැමිණෙනු ඇත...වැරදි ආකල්පය තමාට මෙන්ම අන් අයටද අති මහත් විනාශයකට මුලු පුරයි....එයින් ජීවිතය පුරාවට වුවද තැවෙමින් පීඩා වීදීමට සිදුවේ......

යාලුවනේ, සටහන මේ විදිහට ලිව්වට විඩීයෝවෙහී අනුරෑප සමගම වැඩි විස්තර කතා කරන්න බලාපොරොත්තු  වෙන්වා.... තවද තමාගේ ඉදිරිය ගැන සහ තමා දැනට සිටින තත්වය ගැන නිවැරදි  අවබෝධයකින් කටයුතු  කරන්න... මම දැනට ඉන්නේ මෙතන මම මෙන්න මේ තැනට කොහොම හරි යනවා කියන එක ඔලුවේ තියාගන්න....නිවැරදි ආකල්පය ඔබේ ඉලක්කය  සමීප කර දෙයි... වැරදි  ආකල්ප එය දුරස් කරයි.. එයින් කියන්නේ ඔයාගේ අධිෂ්ඨානය බලාපොරොත්තුව දොා්ලනය වෙන්නේ ඔබේ ආකල්පය මත බවයි.....
දිනෙන් දින තමා තුල වූ සංවර්ධනය වටහා  ගන්න.. සහ එය සටහන් කර ගන්න.... එය මාසයේ  අවසන් වෙනවාත් සමග මින් ඉහත හිටපු ඔයත් එක්ක සන්සන්දනය කරන්න ..වැටහේවී ඔබගේ ප්‍රතිරූපයෙහි වෙනස් වීමක්....

ඔයාගේ සතුරා කවුද ??

ඔබගේ සතුරා ඔබමය...ඔබ ස්වාභාවිකව දන්නා දෙය අල්ප විය හැක,එම අල්පය වැඩි දියුණු කර සංවර්ධනය  කර ගැනීම ඔබ සතු වගකීමකි...එයින් ලැබෙන්නාවු ප්‍රතිඵලය ඔයාගේ ස්වයං ප්‍රතිරූපයට සජුවම බලපායි....

ඔයා ඔයා ගැන සතුටු වෙන වැඩ කරන්න...තම අත්දැකීම් අනෙක් අය සමග සන්සන්දනය කරන්න.... නිවැරදි  දෙය වටහා ගන්න..එවිට ආත්මාභිමානය ඇතිවේ ⁣වි......නිතර තමා අගයන්න....හැමදාම සතුටු  වෙන දෙයක් කරන්න.... ජීවිතය  සාර්ථක  කර ගැනීමට එය උපකාරි වනු ඇත.... sagara blog අඩවියත් එක්ක රැදී සිටියාට ස්තුතියි ....
මගේ විඩීයෝවෙහී ගොඩක් පැහැදිලි  කරන්න බලාපොරොත්තු  වෙනවා....ජීවිතය දිනපු අය වගේම.... ලංකාවේ ගොඩක් දෙනා අතර ජනප්‍රිය  වුණු, ඉතා සංවේදී  අනුවේදනීය සිදුවීම් සමඟින්.... නැවත හමුවෙමු.... ඔයාලා හැම දෙනාටම සුබ දවසක්.....ජීවිතය දිනන්නට එක් වදනක් හෝ උදව් වී නම් මට සතුටුයි......ඔයාලට උතුම් දළදා සමිදු පිහිටයි....

මම රජිත සාගර ...

No comments:

Post a Comment

ගුවනේ නැවතී සිටිමින් ඉහල නැංවීම හෙවත් තත්ව මාරුව

3.6 අප දෙවැනි පාඩමෙන් කතාකල භ්‍රමක තැටියෙන් ඇතිවන කම්පනයෙන් මිදීමට  කල යුතු දෑ....ඉතිරිය සහ අද පාඩම (4.0) ගමන් කරන යානය හැරවීම. 1.සාමූ...